A Minecraft Sinhala
පික්සල් වලින් හැදුන ලෝකයක් මායාකාරින්ගෙන් බේරාගත් සුපිරි කණ්ඩායම
පරිඝණක ක්‍රීඩාවක් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් පළමු දිනයේ ඇමරිකාව තුළ ලබා ගත් වැඩිම ආදායම.(ඇ.ඩො.මිලියන 57යි)
පරිඝණක ක්‍රීඩාවක් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් ඇමරිකාව තුළ පළමු සතියේ ලබා ගත් වැඩිම ආදායම (ඇ.ඩො.මිලියන 157)
PG 13 වර්ගීකරණයට අයත් වූ චිත්‍රපටයක් පළමු සතියේ ලබා ගත් හතරවෙනියට වැඩිම අදායම
Story Line
Action/Adventure/Comedy/Fantasy/Family
ලයිව් ඇක්ෂන් MINECRAFT චිත්‍රපටය කියන්නේ announce කරපු දවසෙ ඉදලම බහුතරයක් දෙනාගෙ උපහාසයට ලක් වුන ෆිල්ම් එකක්. First Looks , Trailer වගේ ඒවා රිලීස් වෙද්දිත් ඒ තත්ත්වය තිබුනෙ ඒ විදිහටමයි.හැමෝම වගේ හිතුවෙ ෆිල්ම් එක ෆ්ලොප් වෙයි කියලා. කොහොම හරි ෆිල්ම් එක රිලීස් වුනාට පස්සෙ ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වුනා.
ලොව හතර වටින් චිත්‍රපටයට Positive Comments ගලාගෙන ආවා.ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මේ වෙද්දි ලයිව් ඇක්ෂන් MINECRAFT චිත්‍රපටය සමස්ත ආදායම ඇ.ඩො. මිලියන 700 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මේ චිත්‍රපටය මේ වන විට වාර්තා කිහිපයක් ම තබා තිබෙනවා.



මෙහෙම ගියොත් 2025 වසරේ ඇ.ඩො.බිලියනයේ ආදායම පසු කරන පළමු හොලිවුඩ් චිත්‍රපටය බවට පත් වීමට A MineCraft චිත්‍රපටයට හැකි වේවී.. 


අනවසර පුද්ගලයන් හතර දෙනෙකු සාමාන්‍ය ගැටලු සමඟ පොරබදමින් සිටින බව සොයා ගනී. ඔවුන් හදිසියේම අද්භූත ද්වාරයක් හරහා පරිකල්පනයෙන් සමෘද්ධිමත් වන විකාර, ඝනක ආශ්චර්යමත් දේශයක් වන ඕවර්වර්ල්ඩ් වෙත ඇද දමනු ලැබේ. ආපසු නිවසට යාමට, ඔවුන්ට අනපේක්ෂිත, ප්‍රවීණ ශිල්පියෙකු සමඟ මායාකාරී ගවේෂණයක යෙදෙන අතරතුර මේ ලෝකය ප්‍රගුණ කිරීමට සිදුවනු ඇත. එක්ව, ඔවුන්ගේ වික්‍රමාන්විතය පස්දෙනාටම නිර්භීත වීමට සහ ඔවුන් එක් එක් අද්විතීය නිර්මාණශීලී කරන ගුණාංග සමඟ නැවත සම්බන්ධ වීමට අභියෝග කරනු ඇත