Odela 2 (2025
ඔඩේලා ගම්මානයේ ඛේදවාචකය 2 වන දිගහැරුම

Adventure/Crime/Drama/Thriller

චිත්‍රපටය පටන් ගනිද්දිම අපිට පෙන්නනවා ලේ බේරෙන මිනිස් ඔලුවක් අතින් ගත්ත පොඩි ලමයෙක් පොලිසිය පැත්තට එනවා.
මේ එක්කම එක පොලිස් කෙනෙක් කියනවා තිරුපතිව මරලා මාස 6ක්වත් ගියේ නෑ. ඔඩෙලා ගමට මොකක්ද මේ ආයෙ වෙන්නේ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා. (මෝචරියේ පොඩි කතාබහක්)
(තිරුපති කියන්නේ ඔඩෙලා ගමේ අලුතින් විවාහ වෙන තරුණියන් මංගල රාත්‍රියේ දූෂනය කරලා මරපු කෙනා)
ඊට පස්සෙ පෙන්නනවා තිරුපති මැරුන විදිය, තිරුපති වගා ලිදක මනාලියක් දුෂනය කරමින් ඉද්දි තිරුපතිගෙ බිරිද උදලු තලයකින් තිරුපතිගෙ ඔලුව කදෙන් වෙන් වෙන්නම පහර දීලා තමයි ඝාතනය කරේ කියලා අපිට පෙන්නනවා.
තිරුපතිගෙ මිනිය ගමට ගේන්න්වත් ගමේ අය එන්නෙ නෑ. කොහොම හරි තිරුපතිගේ මිනිය ගෙදරට ගෙනාවා කියලා ආරංචි වෙලා ගම් වැසියන් කෝවිලේ පූජකතුමා එක්ක කතා වෙලා තිරස් අතට හාරපු වලක හිටගස්වලා,කලු කිකිලියකගෙ රුධිරයෙන් පොගවලා,කපලා ඉවත් කරපු නියපොතු,ගමේ මිනිස්සු ඇදලා කිලිටු කරපු කලු රෙදි කැබලි එකට බැදලා තිරුපතිගෙ මලසිරුරත් එක්ක වලට දානවා
(තිරුපතිගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නැති වෙන්න)
ඊලගට අපිට පෙන්නනවා තිරුපතිගෙ මල්ලිලා තිරුපතිගේ සිරුර අරගෙන භූමිදාමයට පිටත් වෙනවා.
මේ ගමනට පිටත් වෙන්නේ තිරුපතිගේ අම්මා,මල්ලි,මස්සිනා, නංගි විතරයි
මේ වෙලාවෙදි තිරුපතිගේ ආත්මය ශරීරය අත් අරින්න බැරුව අහල පහල ඉන්න මිනිස්සුන්ට අවතාරයක වේශයෙන් කතා කරමින් තමන්ගේ ආත්මය ගලවගන්න කියලා කතා කරනවා
වල දැම්මට පස්සෙ තිරුපති යට ගිරියෙන් කෑගහනවා "උබලා ඔය වැරැද්දක් කරගත්තේ කියලා" ඒත් කිසිම කෙනෙක්ට ඇහෙන්නෙ නෑ
කොහොම උනත් මේ ඔඩෙලා ගමේ හැම දොරකඩකම මූසල කමයි මරණයේ සීතලයි අරගෙන මං එනවා කියලා තිරුපති ගුගුරනවා.
ගමේ මිනිස්සු තිරුපතිගේ කරදරය මෙතනින් ඉවරයි කියලා හිතලා හැමොම ගොඩක් සැනසීමෙන් පිටත් වෙලා යනවා.
ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා ලයිට් කනුවක කම්බි කිහිමයක් එකට වැදිලා. කපුටෙක්ට කරන්ට් එක වැඩ්ජිලා මේ කපුටගෙ මල සිරුර පිපිරිලා විසිවෙන ලේ පැල්ලමක් ඔඩෙලා ගමේ බෝඩ් එකට වදිනවා
ඊලගට අපිට පෙන්නනවා ඉන්දියාවෙ ඇත හිමාලයෙ ප්‍රධාන රිෂිතුමාට යම් කාරනයක් දැනෙනවා
"මේ මහ භාරත ප්‍රදේශයේ,මෝක්ෂපුර ගිනිකොන දිශාවේ පිහිටි ගංගා නදියේ දකුනු ඉවුර දිගේ කිලොමිටර් ගානක් ගියාම තියෙන දෙවියන්ගේ උපන් භූමිය ලෙස සලකන ඔඩෙලා කියන ගමේ ප්‍රේත ආත්මයක් ශක්තිය ලබමින් අවස්ථාව එනකම් ඉන්නවා කියලා"
ඒත් එක්කම තව දෙයක් කියනවා
"මේ අදුරු ශක්තිය ඉපදෙනවත් එක්කම මේක ඔආලනය කරන්න පුල්ය්වන් මීට වඩා ශක්තිමත් ශිඑඅ දෙවියන්ගේ පාරිශුද්ද ශක්තියත් මේ කිට්ටුවම උපත ලබලා තියනවා"